සන්දි වේදනාව දුරු කරන කවුපි වල තිබෙන මේ රහස් ගුණ ගැන ඔබත් දැනගන්න

ගොඩක් දෙනෙක් මුහුණ දෙන තවත් ගැටළුවක් තමයි සන්දි වේදනාව කියන්නේ ඉතින් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ සන්දි වේදනාව දුරු කරන කවුපි වල තිබෙන ඔබ නොදන්නා පුදුම හිතෙන ගුණ ටිකක් ගැන ..ඔබත් මේ දේවල් ගැන දැනුවත් උනොත් මේ රෝගයෙන් බේරෙන්න පුළුවන්…

ඔබත්මෙ මෙන්න මේ වැරදි කරොත් ඔබටත් මෙලොවදීම මේ කර්මය පලදෙන්න පුළුවන්

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

අපේ සිංහල සමාජය සකස්ව තිබුණේ වර්තමානයෙහි දක්නට ලැබෙන අධිපරිභෝජනවාදී, ධනවාදී සමාජ ක්‍රමයක නොවේ. එදා අපේ සිංහල සමාජයේ ජීවත් වූ බොහෝ පිරිස් ඉතාමත් ම දිළිදු ජීවිත ගත කළ පිරිසක් විය . ඔවුන් සිතින් පොහොසත් වුවද, ගතින් දිළිදුය. දුප්පත්කම කෙසේ ජයගත යුතු ද? කියමින් එදා මිනිසුන් බොහෝ සේ කල්පනා කළ ද , එම පුද්ගලයන්ගේ සිත යහපත් ය. අපේ අතීත සිංහල සමාජය තුළ ජීවත්වුණ එක්තරා ආකාරයක පුද්ගලයෙකු පිළිබඳ කතා පුවතක් මෙසේ සඳහන් කරන්නෙමු.

එය එක්තරා සත්‍ය කතාවකි. එම පුද්ගලයා පුංචි මහත්මයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඔහු ගම්මානයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයෙකි. එම පුද්ගලයා වෙනත් අයෙකුගේ මග පෙන්වීමක් යටතේ කුඩා කාලයේදීම තලවකැලය ප්‍රදේශයට යාමට සිදුවිය. එම ප්‍රදේශය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සහභාගී වී ඇත.

කාලයක් මේ ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු කරගෙන යද්දී ඔහුගේ ව්‍යාපාරයට නමක් ද පටබැඳිණි. අතීත ව්‍යාපාරිකයන් වංචනික ලෙස සොරකම් නොකළ පිරිසක් වූ අතර එසේ සිදුවුවා නම්, අල්ප ප්‍රමාණයක් ම විය. සෑම අවස්ථාවක දී ම තම ව්‍යාපාරික නාමය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු සිදු විය. වර්තමාන ව්‍යාපාරවල වෙළෙඳ නාමයෙහි දිස්නය පමණක් දක්නට ලැබෙන අතර ඇතැම් විට අභ්‍යන්තර ගුණාත්මක බවක් නැත.

නමුත් වර්තමානයට වඩා එදා වෙනස් බවක් තිබිණි. බොහෝ සෙයින් ගුණාත්මක වටිනාකමක් පැවතිණි. ඔහුගේ ව්‍යාපාර දියුණුවත් සමඟ ආර්ථිකමය වශයෙන් සමාජයේ කිසියම් ආකාරයක ඉහළ තත්ත්වයටද පත් විය. මුදල් යනු එක්තරා ආකාරයකට මිනිසුන්ගේ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් එල්ලකරන එක සාධකයක් ෙවි. මොළය නැති පුද්ගලයෙකුට මුදල් හම්බ වීම එක්තරා ආකාරයක භයානක ස්වභායක්. එය වඳුරාට දැලි පිහිය ලැබුණාක් මෙනි. එම සතාට දැලි පිහියෙන් තම ශරීරය කපාගැනීමට අවස්ථාව පවතින්නා සේ ම අවට සිටින පිරිස් ද කැපීමේ සම්භාවිතාව පවතී.

පුංචි මහත්මයාත් ටික කාලයක් ගත වන විට දුප්පත් මිනිසුන්ට මුදල් ලබාදීමට පටන් ගෙන ඇත. එම මුදල පොළියත් සමඟ ආපසු නැවත ලැබිය යුතු බවට මුදල ලබාදෙන මොහොතේ ම ඔහු විසින් ප්‍රකාශ කර ඇත. ඒ ආකාරයට ඔහුගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයන් පොළිය ආපසු ගෙවමින් මුදල් ලබා ගෙන ඇත. කාලය ගතවීමත් සමඟ ඉඩකඩම් පවා පොළියට ලබාදෙමින් මුදල් පොළියට ලබාගැනීම සිදු විය. සල්ලි හම්බකිරීම නිසාම ඔහුගේ සිත ද නිතරම මුදල් මුදල් යන සිතිවිල්ලෙන් පිරීමට පටන් ගත්තා මිස මුදල් ලැබීම්වල ඇති වීමක් නැති විය. එම නිසාම බොහෝ අකටයුතුකම්, අසාධාරණකම් ඔහුගේ අතින් සිදු විය. කාලයක් පුරා වරදක් සිදුකරගෙන ගිය විට එය වරදක් බව බොහෝ විට දැනෙන්නේ නැත. ඕනෑම වරදක් පුරුදු වීමත් සමඟ එම තත්ත්වය උද්ගත වෙයි. කාලය ගතවීමත් සමඟ ඔහු මහා ධනවතෙකු විය. ආර්ථික වශයෙන් දියුණු නිසාම ගමේ ජීවත් වුණ ඔහුගේ බිරිඳ පිළිබඳවත් එතරම් හැඟීමක් දැනීමක් නැත. කාලයත් සමඟ සමාජයේ ඉහළම තලයක ජීවත් වෙමින් අධික පොලියට මුදල් ලබාදී ඔවුන්ගේ ඉඩකඩම් පවා බලහත්කාරයෙන් ලියාගත් එම පුද්ගලයා වයස්ගතවීමත් සමඟ කිසියම් අසනීපයකින් පෙළීමට පටන් ගෙන ඇත. එම කාලයතුළ ඉතාම අලංකාර ලෙස අඳුමින් පැළදුමින් සැරසී ගමේ ඇවිදීමේ පුරුද්දක් ද තිබිණි.

ආර්ථිකයෙන් බැබළෙන අවධියෙහි එම තත්ත්වයක් පැවතුණ ද, ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙන් ශරීරයෙහි පවිත්‍රතාව තබාගැනීමට සිත දුන්නේ නැත. පිරිසුදු බව ගිලීහී ගොස් ඇත. ශරීරය පිරිසුදු කරගැනීමට, රෙදි සේදීමට, දත්මැදීමට, නියපොතු කැපීමට හෝ නෑමට සිත දෙන්නේ නැත. එය ඔහුට පැවතුණ අසනීප ස්වභාවය විය. ගමේ කඩපිලට යමින් එමින්, කනත්තට යමින් ඔබ මොඹ, ඇවිදිමින් සිටි ඔහු පිළිබඳව සෙවීමට කිසිවෙකු උත්සාහ කළේ ද නැත. ආර්ථික ශක්තිය පැවතුණ කාලයේ සිටි මිනිසුන් දවසින් දවස අඩුවෙමින් පැවතිණි. කිලිටි ඇඳුම් වැරහැලි අඳිමින් සමාජයේ බොහෝ පිළිකුලට පත්ව දුක් විඳිමින් පාරේ කානුවක මියැදුණි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි මිනිසුන් කළ කර්මය පැහැදිලිව දක්නට ලැබෙයි. ඔහු ඇතැම් වෙලාවට අනුන්ගේ ඉඩකඩම් පවා ලියාගෙන අනුන්ට ගිනිදෙමින් තමන් ගේ ජීවිතය පිරිසුදු කරගැනීමට උත්සාහ කරමින් ඒ බව පෙන්වීමට සුදුපැහැ වස්ත්‍ර හැඳීමටද පුරුදුව ඇත.

නමුත් ජීවිතයෙහි අවසාන සමයෙහි ඔහුට ඔහුගේ බිරිඳ අහිමි විය. ඔහුගේ දරුවන් ද අහිමි විය. මානසිකත්වය ද අහිමිව ගොස් අපිරිසුදු පුද්ගලයෙකු බවට පත්විය. අපිළිවෙළට වැඩ කරමින් රාත්‍රී කාලය කනත්තෙහි ගත කළ පුද්ගලයෙකු විය.

ගමතුළ ප්‍රසිද්ධව සිටි පුද්ගලයා ගමේ ම කිසිවෙකු නොදන්නා නන්නාඳුනනා පුද්ගලයෙකු ලෙස එම ගමේ ම කාණුවක දුක්ඛිත මරණයකින් ජීවිතය කෙළවර විය. තමා කළ දේ ම තමාට ලැබෙයි. තමන් සමාජයට ලබාදුන් දේ තමාට ම ලැබෙයි. සමාජයෙහි ජීවත් වන විට සිත කය වචනය යන තුන්දොරින් ම යහපත් දෙය ම සමාජයට තිළිණ කළ යුතු ය. එසේ නොකළ හොත් නොකරන කාලය සැපතක් සේ ගත කළ ද කරන කලට අකුසල් මිහිරි, මියුරු ලෙස දැණුන ද, වින්ඳ ද ඒවායෙහි විපාක ලැබෙනවා කියන බුදු බණේ සත්‍ය ධර්මතාවය එම කාරණාව තුළින් අපට පැහැදිලි වෙයි.

හේමමාලා රන්දුනු

දරුපල අහිමි කරන සිරවී ඇති පැලෝපිය නාල පිරිසිදු කරගන්නා ආකාරය මෙන්න

ගොඩක් කාන්තාවන් නොදන්නා දෙයක් තමයි දරු පල අහිමිවෙන්න බලපාන දේවල් ගැන..ඉතින් ඒ අතරින් දරුපල අහිමි කරන සිරවී ඇති පැලෝපිය නාල පිළිබද ඔබ නොදන්නා දේවල් ටිකක් ගැන දැනුවත් කරන්නයි අපි යන්නේ ඔබත් මේ ගැන දැනුවත් වෙන්න මේ වටිනා කරූ දැනගන්න…

මස්පිඬු පෙරළීමට මෙන්න මේ පිළියම් ඔබත් භාවිතා කරලා බලන්න

ලොව පුරා පුද්ගලයින් රැසක්ම නින්දේදී මස්පිඬු පෙරළීම නිසා පීඩා විඳිනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරී වන අතර නින්දටද බාධා ඇති කරනවා. තප්පර ගණනාවක් හෝ විනාඩි කිහිපයක් දැඩි වේදනාවක් දෙමින් මෙම මස්පිඬු පෙරළීම නිතරම ඇති වන්නේ පාදයේ බත් කෙන්ඩෙයි.

මෙම සෞඛ්‍යය ගැටලුව වයස අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට නිරන්තරයෙන් ඇති වනවා. මෙම සෞඛ්‍යය ගැටලුවේ “Nocturnal” ලෙස හඳුන්වන බහුලව ඇතිවන අපහසු තත්ත්වය සහ පාදයේ වෙහෙස නිසා ඇති වන “restless leg syndrome (RLS)” තත්වය යන දෙකම නිරන්තරයෙන් ඇති වන්නේ නින්දේදී වුවත් මෙම තත්ත්වයන් දෙකෙහි රෝග ලක්‍ෂණ එකිනෙකට බොහෝ වෙනස් වනවා.

මෙන්න වෙනස්කම් කිහිපයක්:

“RLS” නිසා වේදනාවක් ඇති නොවන අතර “nocturnal” තත්ත්වය නිසා වේදනාවක් ඇති වනවා.

“RLS” තත්ත්වයේදී පාදය චලනය කිරීම මගින් වේදනාවට සහනයක් සැලසෙන අතර “nocturnal” තත්ත්වයේදී එසේ නොවෙයි.

“RLS” ඇති වූ විට පාදයට දැඩි අපහසුවක් ඇති වනවා.

“RLS” තත්ත්වය යටතේදී පාදය චලනය කිරීමට හැකි වුවත් “nocturnal” තත්වයේදී එසේ කිරීමට අපහසුයි.

මස්පිඬු පෙරළෙන “nocturnal” තත්ත්වය ඇතිවීමට බලපාන කරුණු තවමත් සොයාගෙන නොමැති වුවත් පහත සඳහන් වන කරුණු නිසාත් මස්පිඬු පෙරළීම ඇතිවන්න පුළුවනි.

• වැඩි වේලාවක් කොන්ක්‍රීට් පොළවේ සිටගෙන සිටීම හෝ ඇවිදීම • විජලනය හෙවත් ශරීරයේ ජලය අඩුවීම • පාර්කින්සන් රෝගය •ස්නායු රෝග • වැරුදි ඉරියව්වෙන් වාඩිවී සිටීම • ගර්භණිභාවය • එකම ස්ථානයක වැඩි වේලාවක් වාඩිවී සිටීම • ඇල්කොහොල් සඳහා ඇබ්බැහිවීම • පතුල් පැතලි වීම • දියවැඩියාව

මස්පිඬු පෙරලීමේ “Nocturnal” තත්ත්වය සුවකිරීම සහ වළක්වා ගැනීම සඳහා සිදුකළ හැකි පිළියම්

ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස විජලනය තත්වයට පත් වනවා නම් එය “nocturnal” තත්ත්වයට බලපාන ප්‍රධානතම හේතුව වනවා. ඔබත් නිරන්තරයෙන් රාත්‍රී මස්පිඬු පෙරළීමෙන් පීඩා විඳිනවා නම් දිනකට අවශ්‍ය ජලය නිසි ලෙස පානය කරන්න.

වැළැක්වීම සඳහා පිළියම්

කකුල ඇඳමත දිග හැර පාදපතුල ඉදිරියට පසුපසට නවන්න.

පිහිනීම හෝ ජලය තුළට කකුල් දමා ව්‍යායාම සිදු කර මාංශ පේශී වර්ධනය කරගන්න.

කාන්තාවක් නම් අඩි උස පාවහන් පැළඳීමෙන් වළකින්න.

මැග්නීසියම් සහ පොටෑසියම් අතිරේකයන් ලෙස ලබා ගන්න.

නිදාගැනීමට ආසන්නයේ උණු ජලයෙන් පාද තවන්න. උණු ජලය ස්නානය කරන්න.

මස්පිඬු ඝනවීම වළක්වා ගැනීම සඳහා කටු චිකිත්සාවත් යහපත්. මස්පිඬු ඉහිල්කරන යෝගත් වැදගත්.

මස්පිඬු පෙරළුණු විට කුමක් කළ යුතුද?

ඔබ නිතර මස්පිඬු පෙරළීමට මුහුණ දෙන අයෙක් නම් මස්පිඬු පෙරළීම නිසා ඇතිවන අධික වේදනාව සුවකර ගැනීමට නිසි දැනුම ඔබ සතුව තිබිය යුතු වනවා.

එවන් අවස්ථාවකදී ඔබ,

බිම වාඩිවී පාද ඔබ ඉදිරියට දිගහරින්න. ඉන්පසුව මස්පිඬු පෙරළී ඇති පාදයේ පතුල ඔබ දෙසට අදින්න. ඉන්පසුව සෙමින් නැගිට සුළු වේලාවක් ඇවිදින්න. මෙම අවස්ථාවේදී ඔබේ පාද සෙලවීම මගින් රුධිර සංසරණය වේගවත් වන බව මතක තබා ගන්න. එම ස්ථානය වක්‍රාකාරව මෘදුව සම්භාහනය කරන්න.

 සුගත්

උපුටා ගැනීම-http://www.deshaya.lk

වාසනාව පිරී ඉතිරී යන්න ධනවත් මිනිසුන් භාවිතා කරන රහස් සංකේත මෙන්න

ලෝකයේ මිනිසුන් දියුණු වෙන්න විවිද ක්‍රම භාවිතා කරනවා කියෙන එක රහසක් නොවේ ඉතින් සමහරක් දේවල් අපිට විශ්වාස කරන්න බෑ..ඉතින් අපි අද කියන්න යන්නේ ධනවත් මිනිසුන් භාවිතා කරන රහස් සංකේත කිහිපයක් ගැන..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

ධාවන පථයෙන් ලිස්සූ යානය මුහුදට නොවැටී බේරුණේ මෙන්න මෙහෙමයි

වර්තමානය වන විට ලොව පුරා ගුවන් ගමන් විශාල වශයෙන් ක්‍රියාත්මක වනවා. එහිදී ඇතැම් අවස්ථාවල ගුවන් අනතුරු සිදුවන අතර එය ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී පවතින්නේ ඉති අඩු අගයකයි. කෙසේ වෙතත් එවන් බිහිසුණු ගුවන් අනතුරක් සිදුවීමට ගිය අවස්ථාවක් පසුගියදා වාසනාවන්ත ලෙස මග හැරී ගිය බවක් ඔබ මෙතෙක් දැන සිටියාද? මේ තුර්කි ගුවන් තොටුපලකදී හටගත් එම සිද්ධිය පිළිබද කතාවයි.ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

හඬන දරුවාගේ සිතුවමේ සාපය ගැන මේ පුදුම හිතෙන අභිරහස ඔබත් දැනගන්න

අපි ගොඩක් දෙනෙක් නොදන්නා දේවල් ඕනෑ තරම් මේ ලෝකයේ තිබෙනවා මේ කියන්න යන්නේ තවත් ඔබ නොදන්නා දෙයක් ගැන ඒ තමයි හඬන දරුවාගේ සිතුවමේ සාපය ගැන ඔබ අසා නතුව ඇති..ඉතින් අපි අද ඔබව දැනුවත් කරන්නේ මේ ගැනයි ඔබත් මේ වටිනා කරුණු ගැන අදවත් දැනගන්න…

සිරුරේ මේදය දහනය කර හදවත නිරෝගී කරන විටමින් වර්ග ගැන මේ දේවල් අසා තිබුණද?

අපි ගොඩක් දෙනෙක් ගන්න ආහාර වර්ග වල විටමින් තිබෙනවා නමුත් මේ විටමින් වර්ග ගැන අපි දැනුවත් විඉමක් නෑ අපි අද කියන්න යන්නේ සිරුරේ මේදය දහනය කර හදවත නිරෝගී කරන විටමින් වර්ග ගැන ඔබ නොදන්නා වටිනා කරුණු කිහිපයක් ගැන ..ඔබත් අනිවාර්යෙන් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

පින් වැඩෙන බෝධි වන්දනාව ගැන ඔබත් මේ දේවල් දැනගෙන බෝධි වන්දනාව සිදු කරන්න

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩා වලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය මෙතැන් සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

පංචසීලය

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

බුද්ධ රත්නය වන්දනා කිරීම

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ භගවාති
බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි, යේ ච බුද්ධා අතීතා ච යේච බුද්ධා අනාගතා, පච්චුප්පන්නා ච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා, නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං, උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං, බුද්ධේ යෝ ඛලිතෝ දෝසෝ බුද්ධෝ ඛමතු තං මමං

ධම්ම රත්නය වන්දනා කිරීම

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති
ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච ධම්මා අතීතා ච යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං ධම්මං ච තිවිධං වරං
ධම්මේ යෝ ඛලිතෝ දෝසෝ ධම්මෝ ඛමතු තං මමං

සංඝරත්නය වන්දනා කිරීම

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා, ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්‍යෝ පාහුණෙය්‍යෝ, දක්ඛිණය්‍යෝ, අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

සංඝං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච සංඝා අතීතා ච යේ ච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යේ සංඝා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං සංඝං ච තිවිධං වරං
සංඝෙ යෝ ඛලිතෝ දෝසෝ සංඝෝ ඛමතු තං මමං

ඉතිරි කොටස අව අටවක පුවත්පතේ පළවේ.

උපුටා ගැනීම-http://www.budusarana.lk

දෙවියන්ගේ බැල්ම වැටෙන්න නිවැරදිව පහන් පත්තු කරන්නේ මෙහෙමයි

ගොඩක් දෙනෙක් දෙවියන්නට පහන් පත්තු කරාට නොදන්නා දේවල් රසක්ජ් තිබෙනවා..අපි අද කියන්න යන්නේ දෙවියන්ගේ බැල්ම වැටෙන්න නිවැරදිව පහන් පත්තු කරන විදිය ගැනයි..ඔබත් මේ වටිනා කරුණු ගැන දැනගන්න පහත video එක බලන්න…