වෙනස්වුණු ලංකා සිතියමේ අලුත්ම හැඩය මෙන්න ගොඩක් දෙනෙක් තාම මේ ගැන දන්නේ නෑ අපේ රටේ හැඩයත් දැන් වෙනස් වෙලා

මෙරට සිතියමේ හැඩය පසුගිය සමයේ විවිධාකාරයේ වෙනස්කම්වලට ලක්ව තිබුණා. ඒ විවිධ පාරිසරික තත්ත්වයන් හා විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙනුයි. ඒ අනුව මෙරට නව සිතියම මේ වන විට නිර්මාණය කරමින් පවතින අතර මේ ඒ පිළිබද අනාවරණයයි.ඔබත් මේ ගැන දැනගන්න පහත තිබෙන video එක බලන්න….

අසාත්මිකතාවෙන් වැළකෙන්න මෙන්න මේ අගුණ දෙයින් පුළුවන් තරම් ඈත් වෙන්න

ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව අසාත්මිකතාවය (Allergy) සාමාන්‍ය සුළු ආබාධයක් සේ පෙනුණ ද ඇතැම් අවස්ථාවල දී තත්ත්වය දරුණු වීමට ද පුළුවන. එවැනි අවස්ථාවල නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර හිතුමතයට තීරණ ගැනීමෙන් ජීවිත අවදානමකට ලක් විය හැකි ය. ආසාත්මිකතාවන් ඇති විය හැකි ද්‍රව්‍යවලින් කුඩා කාලයේ සිටම ඈත් වී සිටීමෙන් ආසාත්මිකතාවන් නිසා ඇතිවන රෝග බොහෝමයක් වළක්වා ගැනීමට පුළුවන. විටෙක අප නොසිතන ආකාරයට යම් කිසි ද්‍රව්‍යකට ශරීරයෙන් මතුවන ප්‍රතික්‍රියාව හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වීම වළක්වා ගැනීමට ද නොහැකි වේ. අසාත්මිකතාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක් ද?,ආසාත්මිකතාවක් ඇති වී තිබෙනවා යන්න හඳුනා ගන්නේ කෙලෙස ද? සහ ආසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ද? යනාදී කරුණු පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා දැක්වූ අදහස් මෙසේ ය.

අසාත්මිකතාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක් ද?

ආසාත්මිකතාවය යනු යම් කිසි ද්‍රව්‍යකට ශරීරයෙන් මතුවන ප්‍රතික්‍රියාව වේ.එම ප්‍රතික්‍රියාව ක්ෂණිකව හෝ කල්ගත වන ( Chronic ) ක්‍රියාවක් විය හැක. එමෙන්ම මෙම ප්‍රතික්‍රියාව ශරීරයේ එක කොටසකට සීමා විය හැකි අතර ( Local Reaction ) වීම හෝ ඇතැම් අවස්ථාවල මුළු ශරීරයටම බලපාන ප්‍රතික්‍රියාවක් විය හැක.

සාමාන්‍යයෙන් අසාත්මිකතාවයක දී හිස්ටැමීන් නමැති රසායන ද්‍රව්‍ය මූලික වේ. ඊට අමතරව විවිධ සෛල වර්ග හා වෙනත් රසායන ද්‍රව්‍ය ද මෙම ක්‍රියාවලියට එක් වේ.

ආසාත්මිකතාවක් ඇති වී තිබෙනවා යන්න හඳුනා ගන්නේ කෙලෙස ද?

දළඹුවෙකු ගෑවුණු විට ඇති වන ක්‍රියාවලිය වැනි දෙයක් අසාත්මිකතාවයකට හොඳම උදාහරණයයි.එවිට එම ප්‍රදේශයේ ඉදිමීම, රතු පැහැ ගැන්වීම,උෂෟණත්වය වැඩි වීම සහ කැසීම වැනි රෝග ලක්ෂණ ඇති වේ.මේවා ආසාත්මිකතාවයේ ප්‍රධාන ලක්ෂණ වේ.

මල් වර්ග,කොළ වර්ග,විවිධ සතුන් සහ ආලේපවලට මෙවැනි ප්‍රතික්‍රියා සිදු විය හැකි ය. මෙම ආසාත්මිකතාවයන් ශරීරයේ එක කොටසකට සීමා වේ.නමුත් ප්‍රතික්‍රියාව ඉතා විශාල නම් එය මුළු ශරීරයටම බලපා හැකි ය.එහිදී ශරීරයේ රුධිර වාහිනී විස්තාරය වීම නිසා ( Vaso Dialation) රුධිර පීඩනය අඩු වීම විය හැක.එවිට කලන්තය හෝ කම්පනය( Shock ) වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.එමෙන් ම ස්වසන මාර්ගයේ බිත්තිවල ඇතිවන ඉදිමුම නිසා හුස්ම ගැනීම අපහසු වීම,ඇඳුම වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.

ශ්වසන අවහිරතාවය හෝ රුධිර පීඩනය අඩු වීම නිසා පුද්ගලයෙකු මිය යෑමට ද පුළුවන.

ආසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ද?

අසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ය.සමහර අවස්ථාවල විනාඩි කිහිපයක දී ප්‍රතික්‍රියාව සිදු වී පුද්ගලයා මිය යෑමට පුළුවන.සමහර විට මෙම ප්‍රතික්‍රියාව දින කිහිපයක් තිස්සේ වර්ධනය විය හැක. ආහාර හෝ ඖෂධ නිසා ඇති වන ප්‍රති ක්‍රියාවන් සාමාන්‍යයෙන් මුළු ශරීරයටම බලපානු ලබයි.එහි දී ඇතිවන පලු ( සමෙහි ඉදිමීම),කැසීම යන රෝග ලක්ෂණ දින ගණනාවක් පැවතිය හැක.

අසාත්මිකතාවය ඇති විය හැකි ද්‍රව්‍ය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. උදාහරණයක් ලෙස පෙනිසිලීන් අසාත්මිකතාවය ඇත්තේ සමහර පුද්ගලයන්ට පමණි.එමෙන්ම බොහෝ දෙනෙකුට ආසාත්මික නොවන දෙයක්, තවත් කෙනෙකුට ආසාත්මික විය හැක.උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් ඖෂධය දැක්වීමට පුළුවන.

ඔබ යම් කිසි ද්‍රව්‍යකට ආසාත්මිකතාවක් ඇති බව දැන ගත හොත් මුළු ජීවිත කාලයේදීම එයින් වැළකිය සිටිය යුතු ය.

ආසාත්මිකතාවයේ ඇති වන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කළ හැකි නමුත් , ආසාත්මිකතාවය ඇති වීම වැළැක්විය නොහැක.

ආසාත්මිකතාවක් ඇති වීමට හේතු මොනවා ද?

ආසාත්මිකතාවයක් තිබීමට බලපාන්නේ එක් එක් පුද්ගලයාගේ ජාන සංයුතියයි.එම නිසා යම් කිසි පුද්ගයකු යම් දෙයකට ආසාත්මිකවේදැයි, එසේත් නැත්නම් ආසාත්මික නොවේදැයි කලින් හඳුනා ගත නොහැකි ය . එමෙන් ම එක් වරෙක සුළු ආසාත්මිකතාවක් ඇති වන දෙයකින් ඊළඟ අවස්ථාවේ දී මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි ය.එම නිසා ආසාත්මිකතාවයකින් වැළකීමට හැකි එකම මාර්ගය,ආසාත්මිකතාවක් ඇති විය හැකි ද්‍රව්‍යවලින් ඈත් වී සිටීම ය.එමෙන් ම ආසාත්මිකතා ප්‍රතික්‍රියාව ඇති වීමට එම ද්‍රව්‍යයේ ප්‍රමාණය හෝ සාන්ද්‍රණය ආදාළ නොවේ.සමහර විට, ඇසට නෙපෙනෙන තරම් අංශු මාත්‍රාවක ප්‍රමාණයේ තරම් දෙයකින් මාරාන්තික ආසාත්මිකතාවයක් ඇති විය හැක.

අසාත්මිකතාවයන්වල දී සිදු කරන ප්‍රතිකාර මොනවා ද?

යම් කිසි ආසාත්මිකතාවයන්වල දී කළ යුතු පළමු දෙය වන්නේ එම ද්‍රව්‍යයෙන් ඈත් වීමයි.උදාහරණයක් වශයෙන් ආලේපනයක් නම් එය වහා සෝදා ඉවත් කළ යුතු ය.සුළු ආසාත්මිකතාවයක දී ඇන්ටි හිස්ටමීන් ඖෂධයන් (Promethazine,Cetrizine, Fexofenadine) වැනි ඖෂධ භාවිතා කළ හැකි ය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ රුධිර පීඩනය අඩු වීම හෝ ශරීරය පුරා පලු ඇති වීම වැනි අවස්ථාවල දී බොහෝ විට රෝහල් ගත වී එන්නත් ලබා ගැනීමට සිදු විය හැකි ය.මෙහි දී Adrenaline ඖෂධය , ජීවිත ආරක්ෂීත ඖෂධයකි.විටින් විට , දරුණු ආසාත්මිකතාවන් ඇති වන පුද්ගලයෙකු මෙම ඖෂධය අඩංගු එන්නත් පෑනක් සෑම විටම තමා සන්තකයේ තබා ගත යුතු ය.

අසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන හැකි ආහාර වර්ග මොනවා ද?

අන්නාසි, තක්කාලි,ඉස්සෝ, දැල්ලෝ , සහ විවිධ මාළු වර්ග ආසාත්මිකතාවයන් බහුලවම ඇති විය හැකි ආහාර ලෙස දැක්වීමට පුළුවන.නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ආසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන ඖෂධ වර්ග මොනවා ද?

වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග සහ ඩයි වර්ග ප්‍රධාන වශයෙන් ම ආසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන ඖෂධ වර්ග ලෙස හැඳින්විය හැකි ය.

උපුටා ගැනීම-http://tharunaya.com

වෛද්‍යවරු පවා හොල්මන් කල ඇඟේ කරන්ට් එක දුවන අවුරුදු 9යේ ළමයා මෙන්න

අද ලෝකයේ සිටින මිනිසුන්ට අත්‍යවශ්‍ය කරන දෙයක් තමයි කරන්ට් එක කියන්නේ එක පැයකට කරන්ට් එක ගියාම අපි කන කට්ට ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඔයාලට. විදුලිය නිපදවන සතුන් ගැනනම් අපි මින් පෙර අසා තිබෙනවා. ඒ අතරින් අපි හමේම වගේ දන්නා සතෙක් තමයි විදුලි ආඳා කියන්නේ.එත් අපි මේ කියන්න යන්නේ වෛද්‍යවරු පවා හොල්මන් කල ඇඟේ කරන්ට් එක දුවන අවුරුදු 9යේ ළමයා ගැන…..

ඔබේ Android දුරකථනයට නව පෙනුමක් ගෙන දෙන සුපිරිම ඇප් ටික ගැන ඔබ තාමත් දන්නේ නැතුව ඇති

අපි අද ඔබට කියන්න යන්නේ තවත් ඔබ නොදන්නා දෙයක් ගැන ඒ තමයි ඔබේ Android දුරකථනයට නව පෙනුමක් ගෙන දෙන සුපිරිම ඇප් ටික ගැන ඔබ නොදන්නා දේවල් ගැන …ඔබත් පහත video එකෙන් බලන්න….

සිරිපා වනයේ යෝගී හිමියන් මෛත්‍රී බුදුන් ගැන කියන අපුරු කතාව මෙන්න බලන්න

සිරිපා වනයේ විස්මිත යෝගී භික්ෂුන් වාසය කරන බවට විවිධ මතවාදයන් පවතිනවා.එවන් යෝගී හිමිනමක් හා සංවාදයේ යෙදෙමින් කෘතියක්ද රචනා කිරීමට ලේඛකයින් දෙදනකු සමත්ව සිටින අතර එම කෘතිය සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග යන කෘතියයි.මේ එම කෘතියේ ඇතුලත් වන මෛත්‍රී බුදු හිමියන්ගේ පහලවීම පිළිබද කතාවයි.ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

රාවණා රජුගේ ගුවනොටුපල ලෙස සැලකෙන අදටත් සිතාගත නොහැකි ශ්‍රී ලංකාවේ අද්භූත බිම මෙන්න

රාවණ රජතුමාගේ ඉතිහාසය පිළිබඳව හදාරන්න බොහෝ දෙනෙක් මේ වන විට උනන්දු වී තිබෙනවා. පිහිටීම වගේම ස්වභාවික සුන්දරත්වයත් වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ තැනක් තමයි චැරියට් පාත් කියන්නේ. මේ නමත් එක්ක ඉතිහාසයේ සිට එන පුරාවෘත්ත විතරක් නෙවෙයි ජනප්‍රවාදත් රාවණා රජතුමාගේ කතා පුවතට කෙලින්ම සම්බන්ධ වනවා. ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

මෙන්න මේ දේවල් 10 කවදාවත් උදේට කරන්නේ නැතුව රාත්‍රියට කරන්න පුරුදුවෙන්න

අපි හැමදාමත් ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන තමයි කියලා දෙන්න යන්නේ…ඒ තමයි ඔබ කවදාවත් නොසිතා උදේට සිදු කරන මේ දේවල් වලට වඩා ඔබත් මේ දේවල් රාත්‍රියට කරන්න පුරුදු වෙන එකේ වාසි ගැන…..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

මේ ගැන දැනගෙන යන්න- අපේ රටේ තවමත් නොවිසදුනු අභිරහස් ඇති අත්භූත ස්ථාන හත මෙන්න

අපි හැමදාම ඔබට අපේ රටේ තිබෙන ගොඩක් දෙනෙක් නොදන්නා පුදුම ස්ථාන ගැන දැනුවත් කරනවා නේ..අද අපි කියන්න යන්නේ තවත් ඔබ නොදන්නා අපේ රටේ තවමත් නොවිසදුනු අභිරහස් ඇති අත්භූත ස්ථාන හතක් ගැන….ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

මාස තුනෙන් ඇඟ බස්සන ගොරක චුර්ණය හදාගන්නේ මෙහෙමයි ඔබත් මහත කෙනෙක් නම් දැන්ම මේ ගැන දැනුවත් වෙන්න

ඔන්න මේ කියන්න යන කාරණාව ගොඩක් වැදගත් වෙන්නේ මහත අයට තමයි….මාස තුනෙන් ඇඟ බස්සන ගොරක චුර්ණය හදාගන්න විදිය මෙන්න. ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….ඔබට ගොඩක් වැදගත් වෙයි …

එළවලු සහ පලතුරු වල තියෙන කෘමිනාශක ඉවත් කරන සරල ක්‍රමය මෙන්න

අපි ගොඩක් දෙනෙක් එළවලු සහ පලතුරු ආහාරයට ගත්තට එළවලු සහ පලතුරු වල තියෙන කෘමිනාශක ඉවත් කරන විදිය ගොඩක් දෙනෙක් දන්නේ නෑ..ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ එළවලු සහ පලතුරු වල තියෙන කෘමිනාශක ඉවත් කරන විදිය ගැන…..